දැක්ම සහ මෙහෙවර

දැක්ම
ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරක්ෂිත කෙරෙන්නාවුත් සියළු අභියෝගයන්ට මුහුණ දී ම සඳහා යොදා ගත හැකි බව සහ සාධාරණත්වය සහතික කෙරෙන්නාවුත් පරිපූර්ණ අධ්‍යාපනයක් සැමට ලබාදෙන පෘථුල ජාතික ප්‍රතිපත්ති රාමුවක්.

මෙහෙවර
අධ්‍යාපන පද්ධතියේ සියළු අංශ නොකඩවා පවත්වාගෙන යාම සහතික කෙරෙන්නාවුත් ශ්‍රී ලංකාවේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුකූලතාව දැක්වීමේ හැකියාව ඇත්තාවුත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සාකච්ජා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.

යාවත්කාලීනය :  2010-07-30 
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව

ප්‍රධාන පරමාර්ථ


අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලසුම් වහා සමාලෝචනය කිරීම සහ පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම ද ඇතුළුව, අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වා ගෙන යාම සහතික කිරීමේ සහ සමාජයේ වෙනස් වන අවශ්‍යතාවන්ට අධ්‍යාපන ක්‍රමය අනුකූලතාව දැක්වීම හැකි කිරීමේ අදහස ඇතිව, අධ්‍යාපන ප්‍රතිපත්තියේ සියලුම අංශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම.
ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලැස්ම හෝ සැලසුම් කලින් කල සමාලෝචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම ද අවශ්‍ය විටක ඒ ප්‍රතිපත්‍තියේ සැලැස්මේ හෝ සැලසුම්වල ඇති කල යුතු වෙනස්කම් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම.
කොමිෂන් සභාවේ උපදෙස් සඳහා ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබිය හැකි අධ්‍යාපනයට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම
 

පුවත් සහ සිද්ධි

    Grants for Research Studies in the General Education System: 2010 වැඩිදුර...

    National Policy Framework on Higher Education and Technical & Vocational Education was submitted to His Excellency the President of Sri Lanka by the National Education Commission on 14th June, 2010. වැඩිදුර...

කතුහිමිකම් © 2009 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. සියලුම හිමිකම් ඇවිරිණි.
නිමැවුම සහ සම්බන්ධීකරණය:
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය